නීතිවිරෝධී මත්පෙති තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 11 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක (6,000) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරුමැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැණ්ණා සහ ගජබා ආයතන විසින් මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 11 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ සඟවා තිබූ පාර්සල් හතරක් (04) නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම පාර්සල් තුල ඇසුරුම් කර තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක ‍‍(6,000) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් මත්පෙති හය දහසක (6,000) පමණ තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මන්නාරම, කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.