අක්‍රිය වූ ගලමැඩියාව වැවේ ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කර යථාතත්වයට පත්කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ පිහිටි ගලමැඩියාව ‍වැවේ අක්‍රිය තත්වයේ පැවති ජලය බැහැර කිරීමේ සොරොව්ව පිළිසකර කිරීම සඳහා 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගලමැඩියාව ‍වැවේ ජලය බැහැර කරනු ලබන සොරොව්ව වැසීමට නොහැකි ලෙස අක්‍රිය වීම හේතුවෙන් සිදුවන ජලය අපතේ යාම වැළැක්වීම සඳහා, එම සොරොව්ව යථා තත්වයට පත් කිරීමට නාවික හමුදා කිමිදුම් සහය ලබා දෙන ලෙස, ත්‍රිකුණාමලය ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් විසින් සිදුකල ඉල්ලීමකට අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක සහය ලබාදීමට මෙලෙස නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් යොදා 2024 ජනවාරි මස 27 වන දින ගලමැඩියාව ‍වැවේ සොරොව්ව පිළිසකර කර කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කෙරිණි.