මත්පෙති 1200 තොගයක් සමඟ සැකකරුවන් 02 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව 2024 පෙබරවාරි මස 07 වන දින සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ සැකකරුවකු (01) සහ සැකකාරියක (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, 2024 පෙබරවාරි මස 07 වන දින සිලාවතුර, නානට්ටාන් ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (02) පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයින් සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් දෙසියක (1200) තොගයක් සමඟ එම සැකකරු (01) සහ සැකකාරිය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 23 ක් සහ 45 ක් වන නානට්ටාන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (02) සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.