නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 1440 ක තොගයක් සමඟ සැකකරුවෙක් මඩකලපුවේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මඩකලපුව ‍කල්ලඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මැයි මස 11 වන දින මඩකලපුව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හතලිහක (1440) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ මෝටර් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනය, මඩකලපුව ‍කල්ලඩි පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 මැයි මස 11 වන දින මඩකලපුව ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම මෝටර් රථයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) එක්දහස් හාරසිය හතලිහක (1440) තොගයක් සමඟ එම සැකකරු‍ (01) සහ මෝටර් රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01), මත්පෙති තොගය සහ මෝටර් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.