ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අද (2019 දෙසැම්බර් 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් අද්මිරාල් කරම්බීර් සිං ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව නැගෙනහිර නාවික මැදුරට කැදවාගෙන ගොස් සුහද පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව නැගෙනහිර නාවික විධාන ශ්‍රවනාගාරයේදී සුහද සාකච්ඡාවකින් පසුව නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං අතර එම අවස්ථාව සනිටුවහන් කරමින් සමරු පළක හුවමාරුවක්ද සිදු විය.

තවද, ඉන් අනතුරුව ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ඇතුළු පිරිස නැගෙනහිර නාවික විධානයට අයත් නෞකා සහ යාත්‍රා, ‍නාවික කෞතුකාගාරය අතුළු ස්ථාන වලද සංචාරයක නිරත විමෙන් පසුව නාවික මැදුරේදී දිවා භෝජන සංග්‍රහයකටද සහභාගි විය.