නාවික හමුදා පෙරපාසල් සඳහා නව වසරට දූ දරුවන් බඳවා ගැනේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු පෙර පාසල සඳහා නව වර්ෂය වෙනුවෙන් ළමුන් බඳවා ගැනීම ජනවාරි මස 7 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

එයට සමගාමීව පෙර පාසල් දූ දරුවන් හට නිළ ඇඳුම් බෙදා දීම සංකේතවත් කරමින් දූදරුවන් පිරිසක් වෙත සේවා වනිතා සභාපතිනිය අතින් නිළ ඇඳුම් බෙදාදුන් අතර, අනෙකුත් දූදරුවන් වෙත ලබාදීම සඳහා ප්‍රදේශභාර ආඥාපතිවරුන්ගේ බිරින්දෑවරුන් වෙත නිළ ඇඳුම් ලබා දීමද විජේගුණරත්න මහත්මිය අතින් සිදු කෙරිණි. එම අවස්ථාවට ̔තිස්ස̕ ‘ගැමුණු’ සහ ̔දක්ෂිණ̕ පෙරපාසල් හි ගුරුවරුන් පිරිසක්ද එක් විය.