සේවා වනිතා සභාපතිනිය ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මිය විසින් පෙබරවාරි මස 12 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේ දී නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් අමතනු ලැබිණි. එහිදී ඔවුන් සේවා වනිතා ඒකකය හා සම්බන්ධීකරණය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව හා ඔවුන් සතු විශේෂ හැකියාවන් තුළින් සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ගරු සභාපතිණිය විසින් කරුණු පැහැදිලි කර දෙන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් විසි දෙනෙකු වෙත සේවා වනිතා සාමාජික කාඩ්පත ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු විය.
තවද එදිනම සවස සේවා වනිතා සභාපතිණියගේ ප්‍රධානත්වයෙන් හා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේ දී සේවා වනිතා ඒකකයේ මහ සභා රැස්වීම පැවැත්වීම ද සිදු විය.















