ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙරපාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සවය අද (31) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

31 Mar 2016

සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය‍ගේ සංකල්පයකට අනුව අද (14) වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්විණි.

14 Mar 2016

රියර් අද්මිරාල් විමලතුංග මහතාගේ පුතනුවන්හට ඉක්මන් සුවය පතා බෝධිපූජාමය පිංකමක් පවත්වයි
 

රෝගාතුර වී ප්‍රථිකාර ලබන රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතාගේ පුතනුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2016 මාර්තු මස 4 වන දින හුනුපිටිය, ගංගාරාම විහාරස්ථානයේදී බෝධිපූජාමය පිංකමක් පවත්වන ලදී.

08 Mar 2016

කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් වෙනුවෙන් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් වෙනුවෙන් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් 2016 පෙබරවාරි මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

07 Mar 2016

ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් රැසක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, මාර්තු මස 8 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (4) සිදු කෙරිණි.

04 Mar 2016

සේවා වනිතාවෝ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශාරීරික සුවතා වැඩසටහනකට සහභාගී වෙයි
 

නාවික ‍හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවෝ පෙබරවාරි මස 15 වන දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ශරීර සුවතා වැඩසටහනකට සහභාගී විය.

03 Mar 2016