ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් රැසක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, මාර්තු මස 8 වන දිනට යෙදෙන ලෝක කාන්තා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (4) සිදු කෙරිණි.

මෙම වැඩසටහන් යටතේ ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සේවයේ නියුතු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකාවන් විසින් නිර්මාණය කළ අත්කම් නිර්මාණ ඇතුළත් අත්කම් වෙළඳසැලක්, බතික් කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණින් ඉදිකළ බතික් නිමැවුම් මධ්‍යස්ථානයක්, “සන්ෆලවර්” නමින් නම් කෙරුණු නව මල් සැකසුම් ඒකකයක් හා මැහුම් මධ්‍යස්ථානයක් ද යමුණා විජේගුණරත්න මහත්මියගේ සුරතින් විවෘත කිරීම සිදු විය.

මීට සමගාමීව සේවා වනිතා සභාපතිණිය විසින් ශ්‍රීලංනානෞ දක්ෂිණ ආයතනයේ නාවික පෙරපාසල සඳහා නව රූපවාහිනී යන්ත්‍රයක් ද, ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ නාවික පුද්ගලයින්ගේ භාර්යාවන් හා දූ දරුවන් වෙනුවෙන් ස්ථාපිත පරිඝණක මධ්‍යස්ථානය සඳහා නව පරිඝණක යන්ත්‍ර 2ක් ද, ස්වංය රැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නාවිකයකුගේ බිරිඳ වෙත මූල්‍ය පරිත්‍යාගයක් ද ප්‍රදානය කිරීම සිදු විය.

මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නාවිකයින් හා ඔවුන්ගේ භාර්යාවන් විශාල පිරිසක් ද සහභාගී විය.

අත්කම් වෙළඳසැල

මැහුම් මධ්‍යස්ථානය

බතික් නිමැවුම් මධ්‍යස්ථානය

“සන්ෆලවර්” මල් සැකසුම් ඒකකය