කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් වෙනුවෙන් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවිකයන් වෙනුවෙන් විශේෂ රූපලාවන්‍ය වැඩසටහනක් 2016 පෙබරවාරි මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී රූපලාවන්‍ය ශිල්පීන්ගේ සහයෝගය නොමැතිව තමන් විසින්ම රූපලාවන්‍ය කටයුතු සිදු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ගරු සභාපතිතුමිය විසින් පැහැදිලි කරන ලද අතර, එම වැඩමුළුව සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගී විය.