ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙරපාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සවය අද (31) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙයට සමගාමීව ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සහ ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ පෙරපාසල්හි ද වාර්ෂික ක්‍රීඩා උත්සවයන් පවත්වන ලදී.

ගැමුණු නාවික පෙර පාසලේ පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා සහ එම මැතිණිය සහභාගී විය. පෙර පාසලේ කුඩා දරු දැරියන්ගේ ක්‍රීඩා ඉසව් වලට අමතරව පැවති තරඟ සඳහා සේවා වනිතා‍ ඒකකයේ සාමාජිකාවන් සහ පෙර පාසලේ ගුරුවරුන් ද සහභාගී විය. එහිදී දක්ෂතා දැක්වූ දරු දැරියන් හට සේවා වනිතා සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය සහ රියර් අද්මිරාල් වීරසිංහ මහතා විසින් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම සිදු විය. එම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් මෙන්ම නාවික හමුදා නිලධාරීන් රැසක් ද සහභාගී විය.

ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය


ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය


ශ්‍රීලංනානෞ තිස්ස නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය