නාවික හමුදා සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝගින්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වානිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්විම යටතේ සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය 25 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 07 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගින්ගේ සුවදුක් විමසුම සදහා එක් වුහ.

27 May 2016

ගංවතුරින් විපතට පත් ජනතාවට ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයෙන් ආධාර
 

පසුගිය දින කීපය තුල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයේ නිලධාරිනියන් විසින් කටයුතු කරන ලද අතර, අද (25) වන දින ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, කුඩා ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදා ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරතන මැතිණිය වෙත ලබාදීම කටයුතු කරන ලදී.

25 May 2016

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාකාරකම් රැසක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා වි‍ජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් 2016 මැයි මස 21 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සව් පැන් දන්සලක් සහ පහන් කූඩු ප්‍රදර්ශණයක් එදින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සේවා වනිතා සුභ සාධක වෙළදසැල ඉදිරිපිටදී පවත්වන ලදී.

23 May 2016

නාවික නිලධාරීන්ගේ දුවා දරුවන්ගේ සංගමය ප්‍රථම වරට රැස්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මෑතක දී ආරම්භ කළ නාවික නිලධාරීන්ගේ දුවා දරුවන් සඳහා වූ සංගමයේ පළමු සභා රැස්වීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 07 වන දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්විණි.

09 May 2016