නාවික නිලධාරීන්ගේ දුවා දරුවන්ගේ සංගමය ප්‍රථම වරට රැස්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මෑතක දී ආරම්භ කළ නාවික නිලධාරීන්ගේ දුවා දරුවන් සඳහා වූ සංගමයේ පළමු සභා රැස්වීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 07 වන දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්විණි.

සභා රැස්වීම පැවැත්වීමෙන් අනතුරුව ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධජ නෞකාව වන සයුර නෞකාව නැරඹීමේ අවස්ථාව ද ලබාදුන් අතර, ඔවුන් හට විවිධ ක්‍රීඩා ඉසව් කිහිපයකට සහභාගී වීමේ අවස්ථාව ද උදාවිය.

වත්මන් සේවා වනිතා සභාපතිණියගේ සංකල්පයකට අනුව 2015 ඔක්තොම්බර් මස 01 වන දින ආරම්භ කෙරුණු නාවික නිලධාරීන්ගේ දුවා දරුවන් සඳහා වූ සංගමය, දරුවන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප මෙන්ම නායකත්ව ගුණාංගයන් වර්ධනය කිරීමේ අරමුණින් පිහිටවනු ලැබිණි.