ගංවතුරින් විපතට පත් ජනතාවට ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයෙන් ආධාර
 

පසුගිය දින කීපය තුල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයේ නිලධාරිනියන් විසින් කටයුතු කරන ලද අතර, අද (25) වන දින ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, කුඩා ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදා ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරතන මැතිණිය වෙත ලබාදීමට කටයුතු කරන ලදී.

ආසියාන් කාන්තා සංගමයේ ගරු සභාපතිනී, පෝර්න්රවී අධිචාර්යාවනිච් මැතිණිය, ඉන්දුනීසියානු කාන්තා සංගමයේ ගරු සභපතිනිය වෙනුවට නිනී ලැන්ගිටාන් මැතිණිය ඇතුළු මෙම සංවිධාන දෙකෙහි සාමාජිකාවන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය. සහනාධාර තොගය එදිනම ගංවතුරින් අවතැන් වූ සහ විපතට පත්වූ ජනතාව අතරේ බෙදා දීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් කටයුතු කරන ලදී.