ගංවතුරින් විපතට පත් ජනතාවට ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයෙන් ආධාර
 

පසුගිය දින කීපය තුල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයේ නිලධාරිනියන් විසින් කටයුතු කරන ලද අතර, අද (25) වන දින ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, කුඩා ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදා ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරතන මැතිණිය වෙත ලබාදීම කටයුතු කරන ලදී.

25 May 2016