සේවා වනිතා සභාපතිනිය ත්‍රිකුණාමළය හා වැලිසර නාවික පෙ‍රපාසල්හී නිරීක්ෂණ චාරිකාවක
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මිය ජුනි මස 4 සහ 5 වන දිනයන්හි ත්‍රිකුණාමළය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පිහිටි නාවික පෙරපාසලේ සහ 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි නාවික පෙර පාසලේ නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විය. එහිදී පෙරපාසල් දරුවන් විසින් ඇය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එහිදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය පෙර පාසල්හි දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමග සුහද සාකච්ඡාවක යෙදී ඇති අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරුන් හට විශේෂ උපදෙස් ලබා දීමද සි‍දු කෙරුණි. මෙහිදි 2016 ජුනි මස 05 දිනට යෙදී තිබුණු ලෝක පරිසර දිනයට සමගාමීව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මග පෙන්විම යටතේ මෙම පෙර පාසල් දෙකෙහිම දු දරුවන් හා එක්ව රුක්රෝපන වැඩසටහන්ද ක්‍රියාත්මක කරන ලදි. මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් ගරු සභාපතිනිය වෙත පෙර පාසල් දු දරුවන් හා ගුරුමණ්ඩලය විසින් විශේෂ සමරු තිළිණයන්ද ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ නාවික පෙරපාසලේ නිරික්ෂණ චාරිකාව සදහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වු අතර, මෙම අවස්ථාවන් සඳහා සේවා වනිතා සාමාජිකාවන් ද එක් වුහ.

ශ්‍රීලංනානෞ තිස්ස නාවික පෙරපාසල




























































ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙරපාසල