සේවා වනිතා ඒකකයේ කාන්තා නාවිකයන් සඳහා නිල ඇදුම් බෙදා දීම සිදු කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස, දක්ෂිණ යන නාවික පෙර පාසල් සහ රූපලාවන්‍යාගාරයන්හි සේවය කරනු ලබන කාන්තා නාවිකයන් සඳහා නොමිලේ නිල ඇදුම් බෙදාදීමේ උත්සවයක් අද (20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

20 Jun 2016