සේවා වනිතාවෝ එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් විමසයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් සොයා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
එහි ප්‍රථම පියවර වශයෙන් පසුගිය 27 වන දින නොයෙලින් සේනාධීර මහත්මියගේ සුවදුක් සොයා බැලීම සඳහා කටයුතු සූදානම් කෙරිණි. ඒ අනුව එදින උදෑසන එතුමියගේ තලවතුගොඩ පිහිටි නිවස වෙත ගොස් ඇයගේ සුවදුක් සොයා බලා ඇය සමග සුහද කතාබහක නිරත වීමට ගරු සභාපතිතුමිය සහ සාමාජිකාවන් කටයුතු කරන ලදී.

