නාවික නිලධාරීන්ගේ ළමා සංගමය මගින් සුහද ක්‍රිකට් තරඟයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද නිලධාරීන්ගේ ළමා සංගමය මගින් සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කරන ලදී. ඒ අනුව ඊයේ (3) වැලිසර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී එම තරඟය ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

එම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහභාගී වූ අතර, එතුමිය සහ ළමා සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන සත්‍යජිත් විජේගුණරත්න අතින් තරඟය අවසානයේදී ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හට ත්‍යාග පිරිනැමීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.