නාවික නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හග්ගල චාරිකාවක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත පිහිටුවන ලද නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් පසුගිය ජූලි මස 30 වන දින හග්ගල ප්‍රදේශයේ චාරිකාවක නිරත විය. එහිදී ඔවුහු මල්වත්ත නැරඹීම, තුරඟ පිටියේ සවාරියක් යාම ඇතුළු විනෝද කටයුතුවල නිරත වූහ.
තවද, එදින ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් රාත්‍රී බෝජන සංග්‍රහක් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, ළමා සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.





