නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමය ගොල්ෆ් ක්‍රීඩා පුහුණු සැසිවාරයක් සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමය පසුගිය 16 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ගොල්ෆ් ක්‍රීඩා පුහුණු සැසියක් සඳහා සහභාගී වන ලදී. ළමා සංගමයේ සභාපති සත්‍යජිත් විජේගුණරත්න මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

ගොල්ෆ් ක්‍රීඩාව සම්බන්ධයෙන් ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් හට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම සඳහා ඉදිරියේදී ද මෙවැනි පුහුණු සැසිවාරයන් පැවැත්වීමට අපේක්ෂා කරන බැව් ළමා සමාජයේ සභාපතිතුමා එහිදී ප්‍රකාශ කරන ලදී. තවද, සතියේ දිනයන්හිදී 1600 පැයේ සිට 1800 පැය දක්වා ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පිහිණුම් කුසළතාවයන් ඔප්නැංවීම සඳහා විශේෂ පිහිණුම් පුහුණු පංති ආරම්භ කිරීම ද එහිදී සිදු කෙරිණි.