සේවා වනිතාවෝ එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් සොයා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

එහි දෙවන පියවර වශ‍යෙන් අද 19 වන දින ඉමාලි අමරෝසා මහත්මියගේ සුවදුක් සොයා බැලීම සඳහා අද උදෑසන එතුමියගේ මීගමුවේ පිහිටි නිවස වෙත ගොස් ඇය සමග සුහද කතාබහක නිරත වීමට ගරු සභාපතිතුමිය සහ සාමාජිකාවන් කටයුතු කළහ.