සේවා වනිතා සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ පිංකමක් සහ බෝධි පූජාවක් පැවැත්වේ
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ධූර කාලයන්ට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ පිංකමක් සහ බෝධි පූජාවක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පවත් වන ලදී.
මෙම විශේෂ බෝධි පූජාමය පිංකම අස්ගිරිපාර්ෂවයේ උපාලි අනු නායක හිමියන් විසින් පවත්වනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් රැසක් සහ නාවික හමුදා නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විය.












