ශ්‍රී ලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා පරිඝණක පුහුණු මධ්‍යස්ථානයේ දෙවන මහල විවෘත කෙරේ
සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිඝණක පුහුණු මධ්‍යස්ථානයේ දෙවන මහල ඊයේ (22) වන දින එම මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි.
මෙහිදී ගරු සභාපතිතුමිය විසින් නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්, සිවිල් සේවක සේවිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් පරිඝණක පුහුණු මධ්‍යස්ථානය වෙත පරිඝණක පරිත්‍යාග කිරිම සහ ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය ආබාධිත තත්ත්වයට පත් වු නාවික පුද්ගලයින්ගේ පවුල් වල දෙමාපියන් හා බිරින්දෑවරුන් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරිම සිදු කෙරුණි. තවද පරිඝණක පුහුණු මධ්‍යස්ථානය මගින් මාස 06 ක කාලයක් පරිඝණක පුහුණුව ලැබු දු දරුවන් 18 දෙනෙකුට සහතික පත් බෙදා දිම සිදු කෙරුණු අතර, මේ සඳහා සේවා වානිතා සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාන්තා නිලධාරීනියන් පිරිසක් සහභාගි වන ලදි.














