සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව ඊයේ (8) නාවික මහ රෝහල වැලිසර දී සේවා වානිතා සාමාජිකාවන්ට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සමාඡිකාවන් හට දෙවන වරටත් වෛද්‍ය සායනයක් පැවැත්විණි. මෙම වෛද්‍ය සායනය කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සහ නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරු කාණ්ඩායමක් විසින් සිදු කරන ලද අතර, මෙහිදි සේවා වානිතා සාමාජිකයින්ට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජිකයින් වෙත ඉතා අගනා සේවාවක් ලබා දෙන ලදී.
තවද වැලිසර නාවික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුව දුක් විමසීමද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි විසින් සිදු කරන ලද අතර, එම රෝගීන්ට සහ වෛද්‍ය සායනය සඳහා සහභාගි වු විශේෂ වෛද්‍ය වරුන් හට ත්‍යාග ප්‍රදානය කිරිම මෙහිදි සිදු කෙරිණි. මෙම සායනයට එක් වු විශේෂ වෛද්‍යවරුන් සහ සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන් වෙනුවෙන් ප්‍රනීත දවල් ආහාර වේලක් මෙහිදි ලබා දුන් අතර, සේවා වානිතා සාමාජිකාවන්ගේ ප්‍රයෝජනය සදහා විටමින් සහ ඛණිජ අඩංගු ඖෂධ පාර්සලයක් ද නාවික හමුදා වෛද්‍ය අංශය විසින් පිරිනමන ලදී. මෙම මහඟු අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.














