ලෝක ළමා දිනයට සමගාමීව නාවික පෙර පාසල්වල දූ දරුවන් වෙනුවෙන් පරිසරය සුරැකීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික පෙරපාසල් හි කුඩා දරුවන් වෙනුවෙන් පරිසරය සුරකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (30) උදෑසන පවත් වන ලදී. මෙම වැඩසටහනෙයි ප්‍රධාන උත්සවය ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික පෙර පාසලේදී උදැසන 0900 ට ආරම්භ කෙරුණි. එයට සමගාමිව සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් පෙර පාසල් වන ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සහ දක්ෂිණ යන ආයතනයන්හි පිහිටි පෙර පාසල් වලද මෙකී වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි .
මෙම වැඩසටහන් සඳහා සේවා වනිතා සාමාජිකාවන්, දූ දරුවන් හා දෙමාපියන් විශාල පිරිසක් ද බටහිර, නැගෙනහිර සහ දකුණු නාවික විධානයන්හි රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයන්ගේ ද සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වූ අතර, එය අවසානයේ සෑම පෙර පාසල් දූ දැරුවෙකුටම ඉතිරි කිරීමේ ගුණාංගය වැඩිදියුණු කර ගැනීමේ මූලික පියවරක් වශයෙන් කැටයක් සහ කාසියක් ප්‍රදානය කරන ලදි.
ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පෙරපාසල

















ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පෙරපාසල








ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ පෙරපාසල







