සේවා වනිතාවෝ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරති
 

ඔක්තෝබර් මස 1 වන දිනට යෙදී තිබූ ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, එදින උදෑසන ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළ අතර, නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් එහිදී පැලයක් රෝපණය කරන ලදී. තවද, එදිනට යෙදී තිබූ ලෝක වැඩිහිටි දිනය නිමිති කරගනිමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මූලිකත්වයෙන් වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයට අයත් කජුකැලේ නාවික විවාහක නිවාසයන්හි වෙසෙන නාවික පුද්ගලයන්ගේ දෙමාපියන් වෙනුවෙන් ශීල ව්‍යාපාරයක් පැවැත්විණි. එහිදී කාලීන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා නාවික පුද්ගලයන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සාමාජිකාවන් සහ නිලධාරීන්ගේ ළමා සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න මහතා ඇතුළු සාමාජික සාමාජිකාවන් විසින් සිල් සමාදන් වූ දෙමාපියන් වෙත දානය පිළිගැන්වීමද එහිදී සිදු කෙරිණි. මෙයට සමගාමීව ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සහ බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ යන ආයතනයන්හි ද නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ශීල ව්‍යාපාර සංවිධානය කර තිබුණි.

ඉන් අනතුරුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයක් මත වැලිසර පිහිටි නාවික විවාහක නිවාස සංකිරණයට අනුබද්ධිතව ඉදිකෙරුණු කියවීමේ ශාලාව ද එතුමිය අතින් විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ. එදින සිදු කෙරුණු කර්තව්‍යන්ගේ අවසන් අධියර වශයෙන් සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු සාමාජික සාමාජිකාවන් කොළඹ කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙයක් සඳහා ද සහභාගී වී ආශිර්වාද ලබා ගන්නා ලදී. එම අවස්ථාව සඳහා නිලධාරීන්ගේ ළමා සංගමයේ සභාපති ඇතුළු සාමාජික සාමාජිකාවන් ද එක් වූහ.

ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීම


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පැවැත්වූ ශීල ව්‍යාපාරය


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පැවැත්වූ ශීල ව්‍යාපාරය



 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පැවැත්වූ ශීල ව්‍යාපාරය


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කියවී‍ම් ශාලාව විවෘත කිරීම



 

 

 

 

 

 

 

 

 

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වීම