නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට රූපලාවන්‍ය පාඨමාලාවක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවක් 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණි. මෙමගින් රූපලාවන්‍ය හැකියාවන් වැඩි දියුණු කර ගැනිමටත් ස්වයං රැකියාවක් වශයෙන් පවත්වාගෙන යාම පිළිබඳවත් අවශ්‍ය දැනුම ලබාදීම සිදු කෙරෙන අතර, එය නිල වශයෙන් ආරම්භ කිරීම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වානිතා රූපලාවන්‍යාගාරයේදී ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සතියකට දින 3 ක් මෙම පාඨමාලාව පැවැත්වෙන අතර, පාඨමාලාව අවසන් වන තුරු ඒ සඳහා අවශ්‍ය සියළුම සුවඳ විළවුන්, ක්‍රීම් වර්ග, ෂැම්පු සහ තෙල් වර්ග නාවික හමුදා සේවා වානිතා ඒකකය මගින් නොමිලේ ලබා දීමට ද ගරු සභාපතිතුමිය කටයුතු පම්පාදනය කොට තිබීම විශේෂත්වයකි. වැඩමුළුව සඳහා ප්‍රායෝගික පුහුණු කටයුතු සිදු කරන ලද කාන්තා නාවිකයන් හට ත්‍යාග ප්‍රදානය කිරිමක් ද සභාපතිතුමිය විසින් සිදු කළ අතර, මේ සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.