නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් ඇරඹූ රූපලාවන්‍ය පාඨමාලාවේ දෙවන අධියර ත්‍රිකුණාමලයේදී
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් පැවැත් වීමේ දෙවන අධියර 2016 ඔක්තෝබර් මස 30 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේදී ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම වැඩසටහනේ පළමු අධියර 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණි.
මෙමගින් රූපලාවන්‍ය හැකියාවන් වැඩි දියුණු කර ගැනිමටත් ස්වයං රැකියාවක් වශයෙන් පවත්වාගෙන යාම පිළිබඳවත් අවශ්‍ය දැනුම ලබාදීම සිදු කෙරේ. මෙම වැඩමුළුව සඳහා ප්‍රායෝගික පුහුණු කටයුතු සිදු කරන ලද කාන්තා නාවිකයන් හට ත්‍යාග ප්‍රදානය කිරිමක් ද සභාපතිතුමිය විසින් සිදු කළ අතර, මේ සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
එදිනම සේවා වානිතා ඒකකයේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් වර්ෂ අවසානයේ පැවැත් වීමට නියමිත පෙරපාසැල් දරුවන්ගේ විවිධප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත් විය. එම සාකච්ඡාව අවසානයේදී ශ්‍රිලංනානෞ තිස්ස ආයතනයේ පෙරපාසල වෙත, දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා පරිඝණකයක් ද පරිත්‍යාග කෙරිණි.
නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් වෙනුවෙන් ඇරඹූ රූපලාවන්‍ය පාඨමාලාව




ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ පෙරපාසල වෙත පරිඝණකයක් පරිත්‍යාග කිරීම



