ගාලු කතිකාව 2016 ට සමගාමීව සේවා වනිතාවෝ වැඩසටහන් කීපයක් පවත්වයි
ගාලු කතිකාව 2016 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම මස 28 සහ 29 යන දෙදින විශේෂ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන්, ගාලු කතිකාව සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ විශේෂ ආරාධිත අමුත්තන්ගේ බිරින්දෑවරුන් සහ විදේශීය රටවල් නියෝජනය කරමින් සහභාගී වූ කාන්තා නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් ඔවුන් මෙම මස 28 වන දින පින්නවල අලි අනාතාගාරය නැරඹීම සඳහා එක් විය. එම විශේෂ චාරිකාව සඳහා විදේශීය ප්‍රභූවරුන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් මෙන්ම නාවික නිලධාරීන් සහ නිලධාරිණියන් ද එක්වී සිටියහ. එම අවස්ථාවට සහභාගී වූ සියළු දෙනා වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.
ඉන් අනතුරුව 29 වන දින නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී විදේශීය ප්‍රභූවරුන් මූලික කර ගනිමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූ අතර, නාවික හමුදා සංස්කෘතික නැටුම් කණ්ඩායමේ නර්ථනයන් හා වාදනයන් පෙරටුකර ගනිමින් ගනිමින් ඔවුන් එම ස්ථානය වෙත හරසරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සහ ආරාධිත ප්‍රභූන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් දල්වා එම උත්සව අවස්ථාව ආරම්භ කළහ.
එම උත්සව අවස්ථාව සේවා වනිතා සාමාජිකාවන්ගේ ගීත ගායනා, නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් ඉදිරිපත් කළ ගීත ගායනා සහ උඩරට සාරි විලාසිතා දැක්ම යන අවස්ථා මගින් වර්ණවත් වූ අතර, නිලධාරීන්ගේ ළමා සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න විසින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දැක්වෙන අයුරින් උඩරට මුල් ඇදුමින් සැරසී ඉදිරිපත් කිරීමක් කරන ලදී.
ඉන් අනතුරුව බතික් කලාව සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර, දංකොටුව පෝසිලේන් සමාගම සහ නොරිටාකේ පෝසිලේන් සමාගම විසින් සිදු කළ පෝසිලේන් භාණ්ඩ දැක්ම සහ අලෙවි කිරීමේ අවස්ථාව සඳහා ද ඔවුන් එක් විය. ගාමිණී මැණික් හා ස්වර්ණාභරන ආයතනය මගින් සංවිධානය කර තිබූ මැණික් හා ස්වර්ණාභරන ප්‍රදර්ශන සහ අලෙවි කටයුතු සඳහා මෙන්ම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් ඉදිරිපත් කළ විලාසිතා දැක්ම නැරඹීම සඳහා ද ඔවුන් සහභාගී වූහ.
ඉන් අනතුරුව එම වැඩසටහන් සඳහා සහභාගී වූ විදේශීය ප්‍රභූවරුන් හට ත්‍යාග පාර්සල් පිරිනැමීම සිදු කළ අතර, පැමිණ සිටි ප්‍රභූ කාන්තාවන් සියළුදෙනා එක්ව පැල රෝපණය කිරීමක් ද එහිදී සිදු කෙරිණි. තවද, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්හට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් හට තෑගි වවුචර් ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ අතින් සිදු කරන ලදී. මෙම වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ සංස්කෘතිය උරුමය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට සහ විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි වීම පිළිබදව එම අවස්ථාවන් සංවිධානය කළ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය හට සහ එහි සාමාජිකාවන් හට පැමිණ සිටි විදේශීය ප්‍රභූ පුද්ගලයින් සිය හෘදයාංගම ස්තුතිය පිරිනමන ලදී.



















