සේවා වනිතා ඒකකය විසින් අභිනවයෙන් ඉදිකළ යෝගට් ව්‍යාපෘතිය විවෘත කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අලුතින් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය අද (19) උදෑසන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.

19 Dec 2016

66 වන නාවික හමුදා දිනයට සමගාමීව විශේෂ වන්දනා චාරිකා සංවිධානය කෙරේ
 

66 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව නැගෙනහිර, දකුණ සහ බටහිර නාවික විධානය ආවරණය වන පරිදි එම විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වන්දනා චාරිකාවන් සංවිධානය කරන ලදි.

11 Dec 2016

නාවික පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල්හි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Dec 2016