66 වන නාවික හමුදා දිනයට සමගාමීව විශේෂ වන්දනා චාරිකා සංවිධානය කෙරේ
 

66 වන නාවික හමුදා දිනය නිමිතිකොට ගෙන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව නැගෙනහිර, දකුණ සහ බටහිර නාවික විධානය ආවරණය වන පරිදි එම විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වන්දනා චාරිකාවන් සංවිධානය කරන ලදි.

මෙහිදී, නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් හට අනුරාධපුරය සහ පොලොන්නරුවේ පිහිටි වෙහෙර විහාර වැඳපුදා ගැනීමද, බටහිර නාවික විධානයට අයත් වැලිසර කජුකැලේ නාවික විවාහක නිවාසයන් හි පදිංචි නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් හට කැළණිය රජමහා විහාරය වැඳපුදා ගැනීමට සහ දකුණු නාවික විධානයේ විවාහක නිවාසයන්හි පදිංචි නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් හට කළුතර බෝධිය සහ කතරගම සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පසු ගිය (8) දින එම විධානයන්ගේ ආඥාපතිතුමන්ලාගේ අධීක්ෂණය යටතේ අවස්ථාව සලසා දෙන ලදි.

මෙම විශේෂ වන්දනා චාරිකාවන් සඳහා සහභාගි වූ සියළුම පුද්ගලයින් හට ඉතා ප්‍රණීත උදෑසන, දහවල් සහ රාත්‍රි ආහාර වේල් ලබා දීමටද කටයුතු කල අතර, ආගමික සිද්ධස්ථානයන් හි පැවති සුමදුර ධර්මදේශනයන් ශ්‍රවණය කරීමට ද මොවුන් හට අවස්ථාව හිමි විය. ඉතා දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටින නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් හට මෙවැනි ඉතා වටිනා වන්දනා චාරිකා වාරයන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් වෙතත්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය වෙතන්, අනෙකුත් නාවික හමුදා නිලධාරින් හටත් වන්දනා චාරිකාව සඳහා සහභාගි වූ නාවික පුද්ගලයින්ගේ දෙමා පියන් විසින් ඉමහත් ප්‍රශංසාව සහ ස්තූතිය පුදකරන ලදි.

නැගෙනහිර නාවික විධානය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

දකුණු නාවික විධානය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බටහිර නාවික විධානය