සේවා වනිතා ඒකකය විසින් අභිනවයෙන් ඉදිකළ යෝගට් ව්‍යාපෘතිය විවෘත කෙරේ
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අලුතින් ඉදිකරන ලද යෝගට් ව්‍යාපෘතිය අද (19) උදෑසන, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි.
මෙම නව ව්‍යාපෘතිය යටතේ යෝගට් නිෂ්පාදනයට අමතරව බෝතල් කරන ලද යෝගට් පානය නිෂ්පාදනය කිරීම ද ආරම්භ කෙරුණු අතර, ඉතා පිරිසිදුව අවම මිලක් යටතේ නාවික පුද්ගලයන් හට ඒවා ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් උදාකර දී ඇත. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද සහභාගී වී සිටියහ.








