සේවා වනිතාවෝ වාකරේ කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලය වෙත ආධාර ලබා දෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත මඩකලපුව, වාකරෙයි කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඊයේ (24) සිදු කෙරිණි.

25 Jan 2017

නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම පසුගිය ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්න භෝජන ශාලාවේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

23 Jan 2017

සේවා වනිතාවෝ විශේෂ වැඩසටහන් කිහිපයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය වෙනුවෙන් සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් විසින් තේ පැන් සංග්‍රහයයක් ඊයේ (20) ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සංගීත ශාලාවේදි පවත්වන ලදි.

21 Jan 2017

රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.

17 Jan 2017

සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් හට නොමිලේ නිල ඇදුම් ලබා දෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, සේවා වනිතා පෙර පාසල්හි 2017 වර්ෂය සඳහා අලුතින් බඳවා ගත් දරු දැරියන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සියළුදෙනා හට නොමිලේ පෙර පාසල් නිල ඇදුම් ලබා දීම ඊයේ (5) සහ අද (6) යන දෙදින තුළ සිදු කෙරිණි.

06 Jan 2017

සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝහලේ රෝගින්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් අද (3) මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 7 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.

03 Jan 2017