සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් හට නොමිලේ නිල ඇදුම් ලබා දෙයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, සේවා වනිතා පෙර පාසල්හි 2017 වර්ෂය සඳහා අලුතින් බඳවා ගත් දරු දැරියන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සියළුදෙනා හට නොමිලේ පෙර පාසල් නිල ඇදුම් ලබා දීම ඊයේ (5) සහ අද (6) යන දෙදින තුළ සිදු කෙරිණි.
ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සහ ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයන්හි පිහිටි සේවා වනිතා පෙර පාසල් වලදී එම කර්තව්‍යයන් සිදු කරන ලදී. තවද, අද (6) දින ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ සේවා වනිතා පෙර පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද පංති කාමරය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් සුභ මොහොතින් විවෘත කෙරිණි. එමෙන්ම පෙර පාසලෙහි කුඩා දරුවන්ගේ පංති කාමර නිරීක්ෂණය කිරීම සහ ලියාපදිංචි කරන ලද සියළුම දරු දැරියන් හට ත්‍යාග පිරිනැමීම ද ගරු සභාපතිතුමිය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවන් සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නාවිකයන් සහ පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.
ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙර පාසල සඳහා දරු දැරියන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් හට නිල ඇදුම් බෙදා දීම






ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසල සඳහා දරු දැරියන් ලියාපදිංචි කිරීම, නව පංති කාමරය විවෘත කිරීම සහ ඔවුන් හට නිල ඇදුම් බෙදා දීම










