රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.
මෙම පාඨමාලාව මගින් රූපලාවන්‍ය හැකියාවන් වැඩි දියුණු කර ගැනිමටත් ස්වයං රැකියාවක් වශයෙන් එය පවත්වාගෙන යාම පිළිබඳවත් අවශ්‍ය දැනුම ලබාදීම සිදු කෙරේ. ඒ අනුව, මෙම වැඩසටහනේ පළමු අධියර 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණු අතර, එම රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 11 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම ඊයේ (16) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රදානත්වයෙන් වැලිසර පිහිටි නාවික හමුදා සේවා වනිතා රූපලාවන්‍යාගාරයේ දී සිදු කරන ලදී.
එහිදී, එම රූපලාවන්‍ය පාඨමාලාව හදාරණ ලද සාමාජිකාවන් විසින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වීම ද මෙහි වැදගත් අවස්ථාවක් වූ අතර, මෙම පාඨමාලාවේ දෙවන අධියර සඳහා සාමාජිකාවන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීම ද එදිනම සිදු කරන ලදී. තවද, පාඨමාලාව අවසන් වන තුරු ඒ සඳහා අවශ්‍ය කරන සියළුම සුවඳ විළවුන්, ක්‍රීම් වර්ග, ෂැම්පු සහ තෙල් වර්ග නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නොමිලේ ලබා දීමට ද ගරු සභාපතිතුමිය කටයුතු සම්පාදනය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.






