නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි
නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම පසුගිය ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්න භෝජන ශාලාවේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් ද සහභාගී වී සිටියහ.
එම රැස්වීමේදී විශේෂිත වූ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් ක්‍රියාකාරී කමිටු සඳහා නව සාමාජිකාවන් පත් කිරීම ද එහිදී සිදු කරන ලදී. ඉන් අනතුරුව සේවා වනිතා ඒකකය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණ සිටි සියළු දෙනා සුහද කථාබහක නිරත විය. ඒ අතරින්, සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් හා නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සමාජිකාවන් වෙනුවෙන් භාවනා වැඩසටහන් පැවැත්වීම, ශාරීරික සුවතා වැඩසටහන් පැවැත්වීම, නාවික පුද්ගලයින්ගේ මානසික සුවය උදෙසා සංගීත සංදර්ශණයක් පැවැත්වීම සහ දුෂ්කර ප්‍රදේශයක් වන වාකරේ ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම උදෙසා නොමිලේ පාසල් උපකරණ ලබා දීම වැනි සුභසාධක කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
තවද, නිලධාරීන්ගේ ළමා සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න විසින් ළමා සංගමය සඳහා නව ලේකම් වරයෙක් සහ ක්‍රියාකාරී කමිටුවක් පත් කළ අතර, එහි ඉදිරි කර්තව්‍යයන් සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. එම කටයුතු සියල්ල අවසානයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සාමාජිකාවන් හට මෙන්ම ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හට ප්‍රනීත රාත්‍රී භෝජන සංග්‍රහක් පිළියෙල කර තිබිණි.






