සේවා වනිතාවෝ වාකරේ කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලය වෙත ආධාර ලබා දෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත මඩකලපුව, වාකරෙයි කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඊයේ (24) සිදු කෙරිණි.

පසුගිය ජනවාරි මස 18 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය‍ගේ ප්‍රධානත්වයෙන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සේවා වනිතා මහා සභා රැස්වීම පවත්වන ලදී. එහිදී, දුෂ්කර ප්‍රදේශයක ඉගනුම ලබන දිළිදු පවුල් වල දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා ආධාර ලබා දීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් මෙම සත්කාර්යය, සේවා වනිතා ඒකකය හා නිලධාරීන්ගේ ළමා සංගමය එක්ව සංවිධානය කළ අතර, එම විද්‍යාලයේ ඉගනුම ලබන දිළිදු පවුල්වල දරු දැරියන් වෙත ලබා දීම සඳහා පාසල් උකරණ සහ ජල පෙරණයක් ගරු සභාපතිතුමිය විසින් නිල වශයෙන් පරිත්‍යාග කරන ලදී.

මෙවැනි දුෂ්කර පළාත්හි දිලිඳු පවුල්වල ඉගනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ‍පරිත්‍යාගයන් කිරීම පිළිබදව එම විද්‍යාලයේ විදුහල්පති තුමන්, ගුරු භවතුන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු කාර්යය මණ්ඩලය වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටින ලදී.