රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ආරම්භ කෙ‍රුණු රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 13 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම පසු ගිය (13) දින ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ රූපලාවන්‍යගාරයේ දී සිදු කෙරිණි.

23 Feb 2017

සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත සුමධුර ධර්ම දේශණයක් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් අද (17) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සුමධුර ධර්ම දේශණයක් පැවැත්විණි.

17 Feb 2017

සමුගන්නා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වෙත සේවා වනිතා ඒකකයේ උපහාර
 

සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් කටයුතු කොට සේවයෙන් සමුගන්නා ලද රේණු ජයසේකර මහත්මිය හට උපහාර දැක්වීමක් ‍පසුගිය පෙබරවාරි මස 7 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.

14 Feb 2017