සමුගන්නා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වෙත සේවා වනිතා ඒකකයේ උපහාර
සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් කටයුතු කොට සේවයෙන් සමුගන්නා ලද රේණු ජයසේකර මහත්මිය හට උපහාර දැක්වීමක් පසුගිය පෙබරවාරි මස 7 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි. එතුමිය, නොබෝදා නාවික සේවයෙන් විශ්‍රාම ලත් වෛද්‍ය රියර් අද්මිරාල් නිකලස් ජයසේකර මහතාගේ බිරිදයි.
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම උත්සව අවස්ථාව සංවිධානය කොට තිබූ අතර, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වී සිටියහ.
එම අවස්ථාවේදී විශේෂ අංගයක් ලෙස ටොම් බෝලා තරඟයක් පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහනය කරන ලද ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කිරීම ගරු සභාපතිතුමිය සහ රේණු ජයසේකර මහත්මිය අතින් සිදු කෙරිණි. එම අවස්ථාව තවත් වර්ණවත් කරමින් නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් ගීත කීපයක් ද ගායනා කළ අතර, ඉන් අනතුරුව ජයසේකර මහත්මිය සේවා වනිතා ඒකකය වෙනුවෙන් සිදු කරන ලද මෙහෙවර හා සේවය අගයනු වස් එතුමිය වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. තවද, බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතාගේ බිරිඳ වන නයනා කඹුරුගමුව මහත්මිය වෙත ද සේවය ඇගයීමේ තිළිණයක් ප්‍රදානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් සිදු කෙරිණි.









