රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ආරම්භ කෙ‍රුණු රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 13 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම පසු ගිය (13) දින ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ රූපලාවන්‍යගාරයේ දී සිදු කෙරිණි. මෙම සහතික පත් පිරිනැමීම තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් තුෂාර සුගතදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

එහිදී, මෙම පාඨමාලාවේ දෙවන අධියර සඳහා සාමාජිකාවන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීම ද එදිනම සිදු කරන ලදී. තවද, පාඨමාලාව අවසන් වන තුරු ඒ සඳහා අවශ්‍ය කරන සියළුම සුවඳ විළවුන්, ක්‍රීම් වර්ග, ෂැම්පු සහ‍ තෙල් වර්ග නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නොමිලේ ලබා දීමට ද ගරු සභාපතිතුමිය කටයුතු සම්පාදනය කර තිබිණි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.