රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ආරම්භ කෙරුණු රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 13 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම පසු ගිය (13) දින ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ රූපලාවන්‍යගාරයේ දී සිදු කෙරිණි.
23 Feb 2017