සේවා වනිතාවෝ නාවික රණවිරුවන්ගේ දරු දැරියන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදී මියගිය සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ දරු දැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවය අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි වු අතර, අනෙකුත් ආරාධිත අමුත්තන් වශයෙන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයයේ සභාපතිනි, ලක්ෂ්මි පල්ලේගම මහත්මිය, ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ විධායක ලේකම්, ජිවන්ති සේනානායක මෙනවිය, අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය, රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරින්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ නිලධාරින් සහ ඇතුළු නාවික පුද්ගලයින් මෙම අවස්ථාවට සහභාගීවන ලදි.
මෙම උත්සව අවස්ථාවේ සම්ප්‍රදායික පොල්තෙල් පහණ දැල්වීම එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ආරාධිතයින් අතින් සිදු විය. ඉන් අනතුරුව, ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදි මියගිය සහ ආබාධිත තත්වයට පත්වු නාවික රණවිරුවන්ගේ දරු දැරියන් 34 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ වූ අතර, එහිදී එම දරු දැරියන් නාවික හමුදාධිපතිතුමා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ ආරාධිත අමුත්තන් අතින් එම ශිෂ්‍යත්ව ලබා ගන්නා ලදී. තවද, මෙම උත්සව අවස්ථාව වර්ණවත් කරමින් නිලධාරින්ගේ ළමුන්ගේ සංගමය විසින් විචිත්‍රවත් විවිධ අංගයන් කිහිපයක් ඉදිරිපත් කිරීම ද සිදු විය.
එමෙන්ම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව, නිලධාරින්ගේ ළමුන්ගේ සංගමය සඳහා නව රක්ෂණාවරනයක් හදුන්වා දුන් අතර, එහි පළමු පියවර වශයෙන් රක්ෂණ සහතිකපත් නිලධාරින්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙත ප්‍රධානය කිරීම ද ඔවුන් සඳහා ක්‍රීඩා ඇඳුම් ලබා දීමද මෙම උත්සව අවස්ථාවේදී සිදු විය.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපතිතුමන් රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිම සහ එහි වටිනාකම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී. ඉන් අනතුරුව මෙම මහඟු කර්තව්‍ය අගය කරනු වස් පැමිණ සිටි දරුවෙකුගේ පියෙකු විසින් මෙම පරිත්‍යාගන් සම්බන්ධයෙන් සිය හෘදයාංගම ස්තුතිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සියලුම නාවික පුද්ගලයින් වෙත පිරිනැමීම ද එහිදී සිදු විය.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම උත්සව අවස්ථාවට සහභාගී වූ නාවික හමුදාධිපතිතුමන් හට සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, රණවිරු දෙමාපියන් වෙත සේවා වනිතා ඒකකය මගින් විශේෂ ත්‍යාගයන් පිරිනැමීමක් ද එහිදී සිදු කෙරිණි.


























