සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත. එහි පළමු වෛද්‍ය සායනය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ දී අද (22) පැවැත් වීය.

මෙහිදී, පෙර පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සිදු කළ අතර, ගරු සභාපතිතුමිය විසින් සෑම දූ දරුවෙක් සඳහාම දත් බුරුසුවක් සහ දන්තාලේප පැකැට්ටුවක් ත්‍යාග වශයෙන් ප්‍රධානය කරන ලදී. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දූ දරුවන්ගේ දෙමාපියන් විසින් විශේෂ ස්තූතිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත පුද කරන ලදී.

මෙම අවස්ථාවන් සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සේවා වානිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් මෙන්ම නාවික පුද්ගලයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ.