මණයට කැපවූ කිරි එළදෙනෙකුට අභය දානය
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, තවත් එක් පුණ්‍ය කටයුත්තක් වශයෙන් මණයට කැපවූ කිරි එළදෙනෙකු හට අභය දානය දී ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි ගවගාල වෙත ප්‍රදානය කිරීම අද (27) සිදු කෙරිණි.

එහිදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ උපදෙස් මත එම කිරි එළදෙන සඳහා අවශ්‍ය ආහාරපාන, වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් ලබා දී සත්වයා නිරෝගීව රැක බලා ගන්නා ලදී.