පෙර පාසල් දරු දැරියන් සඳහා දෙවන වෛද්‍ය සායනය ගාල්ලේදී
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත. එහි දෙවන වෛද්‍ය සායනය ගාල්ලේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලේ දී අද (27) පැවැත් වීය.
මෙහිදී, පෙර පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා දෙන ලදී. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දූ දරුවන්ගේ දෙමාපියන් විසින් විශේෂ ස්තූතිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත පුද කරන ලදී.
මෙම අවස්ථාවන් සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සේවා වානිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් මෙන්ම නාවික පුද්ගලයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ.









