මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සේවා වනිතාවෝ සහන සළසයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත, මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත්ව, අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැළසීමට සේවා වනිතා ඒකකය අද (21) කටයුතු කරන ලදී.

21 Apr 2017

සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2017 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් අද (8) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනය පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

08 Apr 2017

නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සව උත්කර්ෂවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සවය අද (3) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

03 Apr 2017

පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් ත්‍රිකුණාමලයේදී පවත්වන ලදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් උදෙසා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත.

03 Apr 2017