පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් ත්‍රිකුණාමලයේදී පවත්වන ලදී
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් උදෙසා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත. එහි තෙවන වෛද්‍ය සායනය ත්‍රිකුණාමලයෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ නාවික පෙර පාසලේ දී පසු ගිය මස 30 සහ 31 යන දිනයන්හිදී පැවැත් විය.
මෙහිදී, පෙර පාසල් දරු දැරියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා දෙන ලදී. මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් දූ දරුවන්ගේ දෙමාපියන්ගේ විශේෂ ස්තූතිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත පුද කරන ලදී.
මෙම අවස්ථාවන් සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සේවා වානිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් මෙන්ම නාවික පුද්ගලයින් රැසක් සහභාගී වී සිටියහ.





