නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සව උත්කර්ෂවත් අයුරින් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සවය අද (3) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙයට සමගාමීව ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සහ ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ පෙරපාසල්හි ද වාර්ෂික ක්‍රීඩා උත්සවයන් පවත්වන ලදී.

මෙම වසරේ ද ක්‍රීඩා ඉසව් රාශියක් පැවත් වූ අතර, විශේෂ තරඟ ලෙස එල්ලේ සහ කබඩි තරඟ ඇතුළත් විය. සේවා වානිතා සමාජිකාවන්, පෙර පාසල් ගුරුවරියන් සහ දෙමාපියන් සඳහාද සහය දිවීමේ තරඟයක් මීට සමගාමීව පැවැත් වූ අතර, ඒ සඳහා සහභාගීවුවන්ට ද මෙහිදී ත්‍යාග ප්‍රධානය කරන ලදී. විශ්‍රාමික පෙර පාසල් ගුරුවරුන් හට සේවය ඇගයීමක් වශයෙන් සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් සිදු කෙරිණි.

මෙම ක්‍රීඩා උත්සවයන්හිදී සියළුම දරුවන් තරඟ සඳහා සහභාගි කළ අතර, ඔවුන්ගෙන් දක්ෂතා දැක්වූ දරු දැරියන් හට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. තවද සහභාගීත්වය වෙනුවෙන් සියළුම දරුවන් වෙත සහතික පතක්ද ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා ආරාධිත අමුත්තන් වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික අණභාර නිලධාරී වැලිසර කොමදෝරු සුදත් ලේල්වල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වන ලදී. තවද, තිස්ස ආයතනයේ සහ දක්ෂිණ ආයතනයේ පැවති ක්‍රීඩා උත්සව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වානිතා ඒකකයේ සමාජිකාවන් එක්වන ලදී. මෙම වාර්ෂික ක්‍රීඩා උත්සව සඳහා සේවා වානිතා ඒකකයේ සමාජිකාවන්, දූ දරුවන්ගේ දෙමාපියන්, සේවා වානිතා ඒකකයේ නිලධාරීන් සෙසු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ තිස්ස නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍ර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය