මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සේවා වනිතාවෝ සහන සළසයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත, මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත්ව, අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැළසීමට සේවා වනිතා ඒකකය අද (21) කටයුතු කරන ලදී.
ඒ අනුව, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය නිදන මෙට්ට, නිදන පැදුරු, රෙදි රැදවීමේ රාක්ක, ජලය පිරවීමේ බැරල්, මදුරු දැල් මෙන්ම විශාල ප්‍රමාණයේ ආවරණ තිර ද නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පරිත්‍යාග කර ඇත. එම අත්‍යාවශ්‍ය භාණ්ඩ කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා මහා විද්‍යාලයේ භාණ්ඩ භාර ගැනීමේ මධ්‍යස්ථානයේ, භාණ්ඩ භාර ගැනීමේ නිලධාරී ලෙස කටයුතු කරනු ලබන ආර්ථික සංවර්ධන නිලධාරිනී, එම්එම්එන් දමයන්ති මහත්මිය වෙත භාර දීමට කටයුතු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.







